ඉන්දීය ආරක්ෂක ඇමති හදිසියේම අමෙරිකාවට

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අමෙරිකාවට පැමිණ තිබේ.

ඉන්දියාව සහ අමෙරිකාව අතර ඉහළ පෙළේ ආරක්ෂක ගිවිසුම් කිහිපයක්ම අවසන් අදියරේ ඇති බැවින් ඊට අදාළ කටයුතු වෙනුවෙන් රාජ්නාත් සිං අමෙරිකාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු එළැඹෙන 26 වනදා දක්වා අමෙරිකාවේ රැඳී සිටීමට නියමිතය.

සිය සංචාරයේදී රාජ්නාත් සිං අමෙරිකානු ආරක්ෂක ලේකම් සහ අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කිරීමට ද නියමිතය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මෙම සංචාරයේදී ඉන්දු – අමෙරිකා ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවය.

You might also like

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *