මට දේශපාලනයෙන් ලබාගන්න දෙයක් නෑ – දිලිත්

ශ්‍රී ලංකාව උපාය මාර්ගික සැලැස්මක් ඇතිව සංවර්ධනය කළ යුතු බව සර්වජන ජනාධිපතිධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පැවසීය.

‘දිලිත් ගමට’ ආසන රැස්වීම් මාලාවේ තවත් රැස්වීමක් බලංගොඩදී ඊයේ  (06) පැවැත් වූ අතර ඊට එක්වෙමින් සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මේ බව පැවසුවේය.

“77ත් වසරක සාපය කියන එක නිවැරදි යෙදුමක් නෙමෙයි. 77න් පස්සේ තමයි මේ සාපය පටන් ගත්තේ. හැබැයි මේ අතරේ එක දෙයක් තියෙනවා. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ උපාය මාර්ගික සැලැස්මක් ඇතුව රට සංවර්ධනය විය යුතුයි. ඒ සඳහා ජාතික උපාය මාර්ගයක් අවශ්‍යයි. ඒ උපාය මාර්ගය සාර්වත්‍රික විය යුතුයි, කාලයක් පැවතිය යුතුයි. ඒ තුළ අපි මේ සම්පත් සහ විභවයන් උපරිම ලෙස එළියට ගත යුතුයි කියන එක සංවාද වුණේ නැති බවයි පෙනෙන්නේ. කොහොම වුණත් මම දේශපාලනයට එන්නේ කවදාකවත් හිතපු නැති වෙලාවක. මට දේශපාලනයට එන්න කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. තරග කරන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. අපි හිතුවා මේ රටේ නායකයෝ, අපි උදව් කරපු අය කවද හරි මේ රට ගොඩදායි කියලා. එහෙම වුණේ නැහැ. අන්තිමට ගොඩදානව කොහොම වුණත් අපිව දාලා ගියා. ඉතිං ඒ තත්ත්වය තුළ තමයි මම දේශපාලනයට ආවේ. මම ව්‍යවසායකයෙක්. මම බදුගෙවන පුරවැසියෙක්. මම ඔබ ඉදිරියේ ඇවිත් දේශපාලනය කරන්නේ, දේශපාලනයෙන් ලබාගන්න දෙයක් නැහැ.” 

You might also like

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *