පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් පත්තු කරපු එකක්” – ජගත් සියල්ල වමාරයි

රට මෙතෙක් පාලනය කළ පාලකයින් ජනතාව අතර ජාතිවාදය අවුස්සමින් ජනතාව මුලාකර ඡන්දය ලබාගත් බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික, රංගන ශිල්පී ජගත් මනුවරණ සදහන් කරයි.

ජනතාව රැවටු උච්චතම අවස්ථාව පාස්කු ප්‍රහාරය බවත් අද වනවිට පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු එළිවෙමින් තිබෙන බවත් එය ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පත්තු කරපු බෝම්බයක් බවද රංගන ශිල්පී ජගත් මනුවරණ සදහන් කරයි.

බලය ලබාගැනීම වෙනුවෙන් පාස්කු බෝම්බය පත්තු කළ බවත් ඔවුන්ට රැවටුන ජනතාව ඡන්දය ලබාදී පාර්ලිමේන්තුවට යැවු බවත් මේ වනවිට එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් තොරතුරු හෙළි කරන බවද රංගන ශිල්පී ජගත් මනුවරණ සදහන් කරයි.

ජාතික ජන බලවේග ගම්පොල ජන රැළිය අමතමින් රංගන ශිල්පී ජගත් මනුවරණ මේ බව සදහන් කරයි.

You might also like

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *